සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ගාල්ල දිස්ත්‍රික්කයේ “සංවර්ධන අභිමන් 2022”අලෙවි නියෝජිත හමුව

28-February-2022

ගාල්ල දිස්ත්‍රික්කයේ “සංවර්ධන අභිමන් 2022”අලෙවි නියෝජිත හමුව 2022 පෙබරවාරි මස 26  වන දින උණවටුන රොක් පෝට් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් , ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සම්පත් අතුකෝරළ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉසුරු දොඩංගොඩ මැතිතුමා,නගරාධිපතිවරුන්,ප්‍රාදේශීය සභා සභාපතිවරුන්,   සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමා සහ  සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මැතිතුමා ගේ සහ ගාල්ල මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය, නියෝජනය කරමින් ඉහළ නිලධාරීන් මෙන්ම  සම්භාවනීය අමුත්තන් රැසකගේ  සහභාගිත්වයෙන් පැවැත්විණි.2022 වර්ෂයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ලොතරැයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ අතර අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් විශේෂිත වූ ත්‍යග,සහතික ප්‍රදානයන් ද සිදු කරන ලදී.



අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

විශේෂාංග පුවත්