"සංවර්ධන අභිමන් 2022” අම්පාර/මඩකලපුව දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 05 වන දින අම්පාර මොන්ටි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා අම්පාර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩබ්.ඩී.වීරසිංහ මැතිතුමා , පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිලක් රාජපක්ෂ මහතා,අම්පාර/මඩකලපුව නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමා,අම්පාර දිසාව නියෝජ්‍ය පොලිස්පති සෙනෙවිරත්න,ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරිය,සහ නාගරික සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් සම්භාවනීය අමුත්තන් රැසක්ද එම අවස්ථාව සදහා සහභාගී විය.
2022 වර්ෂයේදී අම්පාර/මඩකලපුව දිස්ත්‍රික්කවල ලොතරැයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක්රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ අතර අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් විශේෂිත ත්‍යාග ප්‍රදානයන් ද සිදු කරන ලදී.
සතියේ සෑම අගහරුවාදා සහ සිකුරාදා දිනකම දිනුම් අදින ලද නියත ජය ලොතරැයිපත 2019 ජූලි 30 වන දින සිට බල පැවැත්වෙන පරිදි වෙළදපලින් ඉවත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කර ඇත. එහි අවසන් දිනුම් ඇදීම 2019 ජූලි 30 වන දින සිදුකළ අතර එහි ජයග්‍රහණය නොකළ සුපිරි ජයමල්ල 2019 ...