සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

"සංවර්ධන අභිමන් 2022” අම්පාර/මඩකලපුව දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව

07-March-2022

"සංවර්ධන අභිමන් 2022”  අම්පාර/මඩකලපුව දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 05 වන දින අම්පාර මොන්ටි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා අම්පාර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩබ්.ඩී.වීරසිංහ මැතිතුමා , පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිලක් රාජපක්ෂ මහතා,අම්පාර/මඩකලපුව නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ  ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමා,අම්පාර දිසාව නියෝජ්‍ය පොලිස්පති සෙනෙවිරත්න,ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරිය,සහ නාගරික සංවර්ධන අධිකාරිය  නියෝජනය කරමින් සම්භාවනීය අමුත්තන් රැසක්ද එම අවස්ථාව සදහා සහභාගී විය.

2022 වර්ෂයේදී අම්පාර/මඩකලපුව දිස්ත්‍රික්කවල ලොතරැයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ අතර අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් විශේෂිත ත්‍යාග ප්‍රදානයන් ද සිදු කරන ලදී.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

27-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත් හරහා බිහිවූ දස ලක්ෂපති ජයග්‍රාහකයින් දහතුන් දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂිකා නීතිඥ ජැනට් ජයවර්ධන මහත්මිය අතින් සිදුවිය.

 

...

විශේෂාංග පුවත්