සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

“සංවර්ධන අභිමන් 2022” මොණරාගල දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව

16-March-2022

“සංවර්ධන අභිමන් 2022” මොණරාගල දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 12  වන දින මොණරාගල සිතුමිණ සිටි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව  ගරු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය  ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මැතිතුමා, ගරු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය  විජිත වේරුගොඩ මැතිතුමා, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමා සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා,මොණරාගල මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය, නියෝජනය කරමින් ඉහළ නිලධාරීන් මෙන්ම  සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2022 වර්ෂයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ ලොතරැයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ අතර අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් විශේෂිත වූ ත්‍යග, සහතික ප්‍රදානයන් ද සිදු කරන ලදී.



විශේෂාංග පුවත්