“සංවර්ධන අභිමන් 2022” මොණරාගල දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 12 වන දින මොණරාගල සිතුමිණ සිටි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව ගරු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මැතිතුමා, ගරු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත වේරුගොඩ මැතිතුමා, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමා සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා,මොණරාගල මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය, නියෝජනය කරමින් ඉහළ නිලධාරීන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2022 වර්ෂයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ ලොතරැයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක්රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ අතර අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් විශේෂිත වූ ත්‍යග, සහතික ප්‍රදානයන් ද සිදු කරන ලදී.
ලොතරැයි අලෙවි කේෂත්රයට නව තාක්ෂණික අත්දැකීම් රැසක් එක් කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තවත් නවමු පියවරක් ලෙස තම පාරිභෝගික මහත්ම මහත්මීන්ට ජංගම දුරකථනය හරහා කෙටි පණිවිඩයක් (SMS) මාර්ගයෙන් හෝ ඇමතුමක් (USSD) මාර්ගයෙන් ලොතරැයි මිළදී ගැනීමේ අවස්ථාව උදාකර දීමේ මුලි...
එදා මෙදාතුර ලොතරැයි ඉතිහාසයෙහි දැවැන්තම තාක්ෂණික පියවර තබමින් ඉදිරියට ආ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ප්‍රථම ඩිජිටල් ලොතරැයිය වන “සසිරි” ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම අද දින (2020.09.29) මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතාගේ...