සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

යාපනය,කිලිනොච්චිය, මුලතිව්,මන්නාරම, වව්නියා දිස්ත්‍රික් "සංවර්ධන අභිමන් 2022” අලෙවි නියෝජිත හමුව

18-March-2022

උතුරු පළාතේ යාපනය,කිලිනොච්චිය, මුලතිව්,මන්නාරම, වව්නියා දිස්ත්‍රික්කයන්හි "සංවර්ධන අභිමන් 2022” අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 17 වන දින යාපනය ටිල්කෝ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරකසභා සභාපති  , පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අංගජන් රාමනාදන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,නගරාධිපතිවරුන්,ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමා ,සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා සහ යාපනය මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය,ශ්‍රී ලංගම නියෝජනය කරමින් ඉහළ නිලධාරීන් මෙන්ම  සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2022 වර්ෂයේදී යාපනය දිස්ත්‍රික්කයේ ලොතරැයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ අතර අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් විශේෂිත වූ ත්‍යග,සහතික ප්‍රදානයන් ද සිදු කරන ලදී.
 



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

27-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත් හරහා බිහිවූ දස ලක්ෂපති ජයග්‍රාහකයින් දහතුන් දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂිකා නීතිඥ ජැනට් ජයවර්ධන මහත්මිය අතින් සිදුවිය.

 

...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස්දෙනෙක්ට අගමැතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ

15-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස්දෙනෙක්ට අගමැතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක,සංවර්ධන වාසනාව හා ශනිදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස් දෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.03.12 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක...

විශේෂාංග පුවත්