උතුරු පළාතේ යාපනය,කිලිනොච්චිය, මුලතිව්,මන්නාරම, වව්නියා දිස්ත්‍රික්කයන්හි "සංවර්ධන අභිමන් 2022” අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 17 වන දින යාපනය ටිල්කෝ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරකසභා සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අංගජන් රාමනාදන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,නගරාධිපතිවරුන්,ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමා ,සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා සහ යාපනය මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය,ශ්‍රී ලංගම නියෝජනය කරමින් ඉහළ නිලධාරීන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2022 වර්ෂයේදී යාපනය දිස්ත්‍රික්කයේ ලොතරැයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ අතර අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් විශේෂිත වූ ත්‍යග,සහතික ප්‍රදානයන් ද සිදු කරන ලදී.
මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් උතුරු පළාතේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.26 වන දින යාපනය ටිල්කෝ හෝටල් පරිශ්‍රයේදී ...
උදාවූ නව වසරේ ප්‍රථම චෙක්පත් ප්රදානෝත්සවය 2025.01.21 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.