සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලංකාවේ දැවැන්තම කෝටිපති ජයමල්ල රුගෙන එන “කප්රුක” ලොතරැයියේ පවර් ප්ලේ විශේෂ දිනුම් ඇදීම සැප්තැම්බර් 29 වනදා

01-September-2022

ලොතරැයි වෙළදපලේ දැනට පවතින අති දැවැන්තම සුපිරි කෝටිපති ජයමල්ල රුගෙන ඔබේ සිහින වලටත් වඩා ඉහළින් ඔබගේ ජයග්‍රාහණය රදවා තබන කප්රුක ලොතරැයියේ විශේෂ දිනුම් ඇදීමක් එලඹෙන සැප්තැම්බර් 29 දින පැවැත්වේ.

“පවර් ප්ලේ” ලෙස නම් කර ඇති මෙම විශේෂ දිනුම් ඇදීමේ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2022.09.01 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ සහ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

මෙම විශේෂ දිනුම් ඇදීමට අදාල ටිකට්පතෙහි මුහුණත ඉලක්කම්  05කින් යුතු විශේෂ අංක පේළි 02 ක් මුද්‍රණය කර ඇති අතර එහි පළමු විශේෂ අංකය ගැළපීමෙන් රු.100,000/-  මුදල් ත්‍යාග හා දෙවන අංකය ගැළපීමෙන් රු.10,000/- මුදල් ත්‍යාග රැසක් දිනාගැනීමට අවස්ථාව ඇත.

තවද මේ වාසනාවන් සමගින් සුපුරුදු ත්‍යාග රටාවද නොවෙනස්ව පවතී. දැවැන්ත සිහින අතර සැරිසරන්න ඔබත් වැඩි වැඩියෙන් කප්රුක ලොතරැයිපත්  මිළදී ගන්න.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙව...

විශේෂාංග පුවත්