ලොතරැයි වෙළදපලේ දැනට පවතින අති දැවැන්තම සුපිරි කෝටිපති ජයමල්ල රුගෙන ඔබේ සිහින වලටත් වඩා ඉහළින් ඔබගේ ජයග්‍රාහණය රදවා තබන කප්රුක ලොතරැයියේ විශේෂ දිනුම් ඇදීමක් එලඹෙන සැප්තැම්බර් 29 දින පැවැත්වේ.
“පවර් ප්ලේ” ලෙස නම් කර ඇති මෙම විශේෂ දිනුම් ඇදීමේ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2022.09.01 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ සහ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.
මෙම විශේෂ දිනුම් ඇදීමට අදාල ටිකට්පතෙහි මුහුණත ඉලක්කම් 05කින් යුතු විශේෂ අංක පේළි 02 ක් මුද්‍රණය කර ඇති අතර එහි පළමු විශේෂ අංකය ගැළපීමෙන් රු.100,000/- මුදල් ත්‍යාග හා දෙවන අංකය ගැළපීමෙන් රු.10,000/- මුදල් ත්‍යාග රැසක් දිනාගැනීමට අවස්ථාව ඇත.
තවද මේ වාසනාවන් සමගින් සුපුරුදු ත්‍යාග රටාවද නොවෙනස්ව පවතී. දැවැන්ත සිහින අතර සැරිසරන්න ඔබත් වැඩි වැඩියෙන් කප්රුක ලොතරැයිපත් මිළදී ගන්න.
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.02.09 වන දින කටුනායක ඊගල් ලැගුන් වීව් හ...
කෝටි ගණන් දිනුම් ගෙනෙමින් වැඩිම ත්‍යාග මුදල් ප්‍රමාණයක් පිරිනමන සුපිරි ධන සම්පත ලොතරැයියේ “ඩබල් ෆෝචූන් ” විශේෂ ලොතරැයිපත් වෙළදපලට නිකුත් කිරීම 2025.01.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්...
මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් උතුරු පළාතේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.26 වන දින යාපනය ටිල්කෝ හෝටල් පරිශ්‍රයේදී ...