සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

පොල්රුප්පාවෙන් තල්රුප්පාවට වාළම්පුරි නමින් විශේෂ ලොතරැයිපතක් !

09-September-2022

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් අත්වැල් බැද සිටින උතුර නැගෙනහිර වෙසෙන ලොතරැයි පාරිභෝගික  මහත්ම මහත්මීන් වෙනුවෙන්ම වාසනාව උරුම කිරීමේ අරමුණින් වාළම්පුරි නමින් විශේෂ ලොතරැයිපතක් හදුන්වා දීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කලා.

ලංකාවේ සිව්දෙසට වාසනාවේ පණිවිඩය රැගෙන යන අප උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් හදුන්වා දුන් මෙම විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2022.09.06 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී එහි සභාපති / ප්‍රධාන විධායක නිළධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදුවිය.

වාසනාවේ ජයශංඛය නම්වූ මෙම වාළම්පුරි විශේෂ ලොතරැයිපත තුළින් මිලියන දෙකක් දක්වා වූ මුදල් ත්‍යාග දිනාගැනීමට පාරිභෝගික ඔබට හැකියාව ඇත. අංක 03 ක් සමගින් ලග්නය ගැළපීමෙන් රුපියල් ලක්ෂ විස්සක්ද, අංක 03 පමණක් ගැළපීමෙන් රුපියල් 100,000/- මුදල් ත්‍යාගද, අංක 02 ක් ගැළපීමෙන් රුපියල් 500 යේ මුදල් ත්‍යාගද, ඕනෑම එක් අංකයක් හෝ ලග්නය ගැළපීමෙන් රුපියල් 50 මුදල් ත්‍යාගද රුසක් දිනාගැනීමට හැකියාව ඇත.

එළඹෙන ඔක්තෝබර් 28 වන දින පැවැත්වීමට නියමිත මෙම වාළම්පුරි විශේෂ දිනුම් ඇදීම හරහා තෑගි සයුරක තම වාසනාව සොයා යෑමට දැන් උතුර නැගෙනහිර පාරිභෝගික මහත්ම මහත්මීන්ට හැකියාව ඇත.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙව...

විශේෂාංග පුවත්