සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් අත්වැල් බැද සිටින උතුර නැගෙනහිර වෙසෙන ලොතරැයි පාරිභෝගික මහත්ම මහත්මීන් වෙනුවෙන්ම වාසනාව උරුම කිරීමේ අරමුණින් වාළම්පුරි නමින් විශේෂ ලොතරැයිපතක් හදුන්වා දීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කලා.
ලංකාවේ සිව්දෙසට වාසනාවේ පණිවිඩය රැගෙන යන අප උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් හදුන්වා දුන් මෙම විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2022.09.06 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී එහි සභාපති / ප්‍රධාන විධායක නිළධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
වාසනාවේ ජයශංඛය නම්වූ මෙම වාළම්පුරි විශේෂ ලොතරැයිපත තුළින් මිලියන දෙකක් දක්වා වූ මුදල් ත්‍යාග දිනාගැනීමට පාරිභෝගික ඔබට හැකියාව ඇත. අංක 03 ක් සමගින් ලග්නය ගැළපීමෙන් රුපියල් ලක්ෂ විස්සක්ද, අංක 03 පමණක් ගැළපීමෙන් රුපියල් 100,000/- මුදල් ත්‍යාගද, අංක 02 ක් ගැළපීමෙන් රුපියල් 500 යේ මුදල් ත්‍යාගද, ඕනෑම එක් අංකයක් හෝ ලග්නය ගැළපීමෙන් රුපියල් 50 මුදල් ත්‍යාගද රුසක් දිනාගැනීමට හැකියාව ඇත.
එළඹෙන ඔක්තෝබර් 28 වන දින පැවැත්වීමට නියමිත මෙම වාළම්පුරි විශේෂ දිනුම් ඇදීම හරහා තෑගි සයුරක තම වාසනාව සොයා යෑමට දැන් උතුර නැගෙනහිර පාරිභෝගික මහත්ම මහත්මීන්ට හැකියාව ඇත.
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ලොතරැයි අලෙවිය නැවතත් ජූනි 01 වනදා සිට ආරම්භ කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලුම සන්නාමයන්ට අදාළ ලොතරැයිපත් මිළදී ගැනීමට එදින සිට පාරිභෝගිකයන්ට හැකියාව ඇත.
අනපේක්ෂිත ලෙස 2020.03.17 දින සිට...
නව තාක්ෂණය යොදා ගනිමින් සේවා කාර්යක්ෂමතාවයන් ඉහළ නැංවීමේ ක්‍රමවේදයන්ට අනුගතවෙමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයද තම කාර්යඵල සාධනය කර ගැනීමට කටයුතු කර ඇත.
ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව...
2020 වර්ෂයේ මාස දෙකක කාලය ඇතුළත අද කෝටිපති ලොතරැයිය බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් සිව් දෙනෙක් සදහා අදාළ චෙක්පත් ප්රදානය කිරීම 2020.02.26 දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සහ ගරු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලිය ග...