ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩල ඉතිහාසයේ ඉහලම දායකත්වය ලබා දීමට 2023 වර්ෂයේදී සමත් විය. මේ පිළිබද මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් 2024/04/02 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවනාගාර පරිශ්‍රයේදී සිදු කරන ලදී.
මෙම අවස්ථාවට මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු ශේහාන් සේමසිංහ මැතිතුමා, ජනාධිපති අරමුදලේ ලේකම්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික ඩබ්.ඒ.සරත් කුමාර මැතිතුමා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකා නීතීඥ ජැනට් ජයවර්ධන මහත්මිය, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මැතිතුමා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මැතිතුමා, කළමනාකාරිත්වය ඇතුළු කාර්ය මණ්ඩලයේ සමාජික සාමාජිකාවන් මෙන්ම මාධ්‍ය හිතවතුන් රැසක් මෙම අවස්ථාව සදහා සහභාගි විය.
"සංවර්ධන අභිමන් 2022” මාතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 පෙබරවාරි මස 27 වන දින මාතර ග්‍රෑන්ඩ් නැව්රෝ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා,මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ප...