සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ශක්තියක් වන රට පුරා විහිදී සිටින අපගේ බෙදා හැරීමේ අලෙවි නියෝජිතවරුන් 2023 වසරේ දී ලබා දුන් දායකත්වය අගයමින් සහ 2024 වසරේ නව අළෙවිකරණ උපාය මාර්ග පිළිබඳ දැනුවත් කිරිම අරමුණු කර ගනිමින් “සංවර්ධන අභිමන් ජාතික සමුළුව - 2024” අති උත්කර්ෂවත් අයුරින් 2024 අප්‍රේල් මස 29 දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රය තුළදී පසුගිය දා පැවැත්විණි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහ ගරු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් හා මුදල් හා ආර්ථික ස්ථායිකරණ රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මැතිතුමාගේ සංවිධාන නායකත්වයෙන් සාර්ථකව නිමාවිය.
මෙම අවස්ථාවට ආශිර්වාදයක් වෙමින් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, හිටපු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, අමාත්‍යංශ ලේකම්වරුවරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය, හිටපු සභාපතිවරුන් ,සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්ඩලය සහ මාධ්‍ය වේදීන් රැසක් සහභාගී විය.
පායන හිරු මෙන් විශ්වාස “ ශනිදා වාසනාව ” නව මුහුණුවරකින් මෙන්ම නව ත්‍යාග රටාවන්ගෙන් වෙළදපලට නිකුත් කිරීම 2019.10.01 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.
මෙම නව වෙනස්වීම් වලට සමග...
සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ලොතරැයි දිනුම් ඇදීමේ නිවේදක නිවේදිකාවන් වෙනුවෙන් දින පහක පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කළ අතර එහි නිමාව පසුගියදා සිදුවිය.
සියලුම නිවේදක නිවේදිකාවන් සහභාගී කරවමින් කණ්ඩායම් දෙකක් වශයෙන් පැවැත්වූ මෙම පුහුණු වැඩමුළුව සදහා පහළොස් දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩ...
ඔබේ ජීවිතය වාසනාවෙන් එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිරන්තරයෙන් මෙරට විවිධ ආගමික සංස්කෘතික මෙන්ම අධ්‍යාපනික අවශ්‍යතාවයන් වෙනුවෙන්ද දායකත්වය ලබාදීමට කටයුතු කරන ආයතනයකි.
ඔබේ පුංචි රුපියල් විස්ස වෙනුවෙන් වැඩිම වටිනාකමක් ලබාදෙමින් සිදුකරන ලබන එම අනුග්‍රාහක දායකත්වයන් අනුව යමින් ප...