සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන අභිමන් ජාතික සමුළුව - 2024

12-August-2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ශක්තියක් වන රට පුරා විහිදී සිටින අපගේ බෙදා හැරීමේ අලෙවි නියෝජිතවරුන් 2023 වසරේ දී ලබා දුන් දායකත්වය අගයමින් සහ 2024 වසරේ නව අළෙවිකරණ උපාය මාර්ග පිළිබඳ දැනුවත් කිරිම අරමුණු කර ගනිමින් “සංවර්ධන අභිමන් ජාතික සමුළුව - 2024” අති උත්කර්ෂවත් අයුරින් 2024 අප්‍රේල් මස 29 දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රය තුළදී පසුගිය දා පැවැත්විණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහ ගරු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් හා මුදල් හා ආර්ථික ස්ථායිකරණ රාජ්‍ය අමාත්‍ය ගරු ‍ශෙහාන් සේමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මැතිතුමාගේ සංවිධාන නායකත්වයෙන් සාර්ථකව නිමාවිය.

මෙම අවස්ථාවට ආශිර්වාදයක් වෙමින් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, හිටපු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, අමාත්‍යංශ ලේකම්වරුවරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය, හිටපු සභාපතිවරුන් ,සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු කාර්‍ය මණ්ඩලය සහ මාධ්‍ය වේදීන් රැසක් සහභාගී විය.

 



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

විශේෂාංග පුවත්