සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවිය ප්‍රවර්ධන කිරීමටත් ඒ හරහා නව රැකියා අවස්ථාවන් උත්පාදනය කිරීම සදහාත් නව ලොතරැයි අලෙවි කුටියක් විවෘත කිරීම 2024.08.20 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. කොළඹ දිස්ත්‍රික් අලෙවි නියෝජිත කේ. යූ.කාන්ති ශ්‍රිරාණි මහත්මිය වෙත ලබාදුන් මෙම අලෙවි කුටිය කොළඹ කොටුව , මල්වත්ත පාර යන ස්ථානයෙහි ස්ථාපනය කර ඇත.
ඔබේ ජීවිතය වාසනාවෙන් එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිරන්තරයෙන් මෙරට විවිධ ආගමික සංස්කෘතික මෙන්ම අධ්‍යාපනික අවශ්‍යතාවයන් වෙනුවෙන්ද දායකත්වය ලබාදීමට කටයුතු කරන ආයතනයකි.
ඔබේ පුංචි රුපියල් විස්ස වෙනුවෙන් වැඩිම වටිනාකමක් ලබාදෙමින් සිදුකරන ලබන එම අනුග්‍රාහක දායකත්වයන් අනුව යමින් ප...
අද කෝටිපති ලොතරැයියේ 728 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 8 85 42 040 ක මුදල දිනාගත් ගත් ඔරුබැදිසියඹලාව ප්‍රදේශයේ එස්.ජී. හේමතිලක මහතාට සහ ලග්න වාසනාව ලොතරැයියෙන් අගෝස්තු මස බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් හය දෙනෙක්ට අදාළ චෙක්පත් ප්රදානය 2019.09.18 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.
...සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් DLB සත්කාර යන තේමාව යටතේ අලෙවි නියෝජිත අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වෛද්‍ය කදවුරු මාලාවේ පස්වන වෛද්‍ය කදවුර මහනුවර දිස්ත්‍රික්කය සදහා පසුගිය සැප්තැම්බර් 13 වන දින ක්‍රියාත්මක කරන ලදී.