සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවිය ප්‍රවර්ධන කිරීමටත් ඒ හරහා නව රැකියා අවස්ථාවන් උත්පාදනය කිරීම සදහාත් නව ලොතරැයි අලෙවි කුටියක් විවෘත කිරීම 2024.08.20 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. කොළඹ දිස්ත්‍රික් අලෙවි නියෝජිත කේ. යූ.කාන්ති ශ්‍රිරාණි මහත්මිය වෙත ලබාදුන් මෙම අලෙවි කුටිය කොළඹ කොටුව , මල්වත්ත පාර යන ස්ථානයෙහි ස්ථාපනය කර ඇත.
අද කෝටිපති ලොතරැයිපතෙහි අලෙවිය වර්ධනය කර ගැනීම වෙනුවෙන් 2019 ජූලි මස සිට සැප්තැම්බර් මස දක්වා ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන යටතේ මුළු දිවයිනෙන්ම වැඩිම අලෙවියක් සිදුකළ දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා මුදල් ත්‍යාග ලබාදීම පසුගිය අගෝස්තු ...
ශනිදා වාසනාව 3325 වන වාරයේ සුපිරි ජයමල්ල රු.3,99,79,235/- මුදල දිනාගත් -කිරම ප්‍රාදේශයේ කංකානම්ගේ ධර්මසිරි මහතාට අදාළ චෙක්පත ප්රදානය කිරීම අද (2020.07.27) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.