සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ජීවිතය දිනූ වාසනාවන්තයින් 37 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමේ !

24-September-2024

ජයග්‍රාහණය පිළිබද සිහින දකින ඔබ වෙනුවෙන් වාසනාව රැගෙන එන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් සුපිරි ජයග්‍රාහකයින්, විසි ලක්ෂපතියන් සහ දස ලක්ෂපතියන් ඇතුලු ජයග්‍රාහකයින් 37 ක් සදහා චෙක්පත් පිරිනැමීම  2024. 08.28 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.

මෙහිදී ශනිදා සුපිරි ජයමල්ල වන 69,184,763/-  ජයග්‍රාහණය කළ වාසනාවන්තයාටත්, සුපිරි ධන සම්පත  ලොතරැයියේ සුපිරි ජයමල්ල රු.23,477,052/- දිනූ වාසනාවන්තයාටත් සහ තවත් සුපිරි ධන සම්පත රු.2,500,000/- ජයග්‍රාහකයෙක් සඳහා  චෙක්පත් ප්‍රදානය කරන ලදි.

එමෙන්ම විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 16 දෙනෙක්ටත්,දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 18 දෙනෙක්ටත් මෙහිදී චෙක්පත් පිරිනැමූ අතර  එම සියලු ජයග්‍රාහකයින් අතර බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු.145,161,815/-කි.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩගේ මහතා ඇතුලු නිලධාරීන් සහභාගී විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්