සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් ජයග්‍රාහකයින් රැසකට චෙක්පත් පිරිනැමේ..

18-October-2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතය දිනූ තවත් ජයග්‍රාහකයින් 31 දෙනෙක් සදහා චෙක්පත් චෙක්පත් ප්‍රදානය කිරීමත් ,එම ජයග්‍රාහී ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කිරීමත් 2024.10.16 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙහිදී ලග්න වාසනාව සුපිරි ජයමල්ල වන 5,581,454/- දිනා ගත් වාසනාවන්තයාට සහ තවත් සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ රු.2,500,000/- ජයග්‍රාහකයන් දෙදෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කරන ලදි.

ඊට අමතරව මෙහිදී විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 15 දෙනෙක් සඳහාත්, දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 13 දෙනෙක් සදහාත් චෙක්පත් පිරිනැමූ අතර එම සියලු ජයග්‍රාහකයින් අතර බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු.53,581,454 /-කි.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

27-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත් හරහා බිහිවූ දස ලක්ෂපති ජයග්‍රාහකයින් දහතුන් දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂිකා නීතිඥ ජැනට් ජයවර්ධන මහත්මිය අතින් සිදුවිය.

 

...

විශේෂාංග පුවත්