ලංකාවේ ප්‍රථම ඩිජිටල් ලොතරැයිපත ලෙස වැඩිම ලක්ෂපතියන් ප්‍රමාණයක් බිහිකරමින් ඔබේ විශ්වාසය දිනාගත් “සසිරි” ලොතරැයිය නොවැම්බර් මස සිට සතියට දින පහක් දිනුම් ඇදීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව සතියට දින 03 ක් (අඟහරුවාදා, සිකුරාදා සහ ඉරිදා) දිනුම් අදිනු ලබන සසිරි ටිකට්පත 2024 නොවැම්බර් මස 02 වනදා සිට සෑම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනකදීම දිනුම් ඇදීම සිදුකෙරේ.
එදින සිට සෑම සෙනසුරාදා දිනකම තැඹිලි පැහැ වර්ණයෙන් ද, සෑම බ්‍රහස්පතින්දා දිනක ම නිල් පැහැ වර්ණයෙන් ද නව ලොතරැයි පත් වෙළඳ පොළට නිකුත්වේ.
මෙම අමතර දින 2 ට අදාල ටිකට් පත් වෙළදපලට නිකුත් කිරීම 2024.10.23 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.
කවදත් ඔබට පහසුම ලෙස වැඩිම දිනුම් අවස්ථාවන් ගෙන ආ සසිරි ලොතරැයිය සමගින් මෙතැන් සිට දින පහකදීම එක්වී උපරිම ජයග්රාහණ ප්‍රමාණයක් හිමි කර ගන්නැයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි පාරිභෝගික ඔබගෙන් ඉල්ලා සිටී.
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් කුරුණෑගල හා පුත්තලම අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.03.29 වන දින බෝයගනේ සැලියුට් උත්සව ...
ලොතරැයි ලොවේ දැවැන්තම සුපිරි ජයමල්ල රැගෙන එන කප්රුක ලොතරැයිය උදාවන මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේත් ඔබේ වාසනාව දෙගුණ කරන්න සුදානම්. ඒ වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් කප්රුක ලොතරැයියේ “බක්මහ වාසි” විශේෂ ලොතරැයිපත් වෙළදපලට නිකුත් කිරීම...
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් බදුල්ල,මොණරාගල හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.03.13 වන ...
ජීවිතේ කියන්නේ කිසියම් සීමාවක් ඇතුලේ තියලා ගොඩනැගෙන්න දිය යුත්තක්ම නොවේ.
ස්ත්‍රී පුරුෂභාවය එහෙම නැතිනම් සමාජ තත්ත්වය උගත් මට්ටම වැනි දේ මත පදනම් වී සාම්ප්‍රදායික තෝරාගැනීම් වලටම යන්න බහුතරය පුරුදු වෙලා තිබුණත් ඉන් එහාට අඩියක් තියන්න පුළුවන්නම් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක...
ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය කියලා ඇහෙද්දි ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ සංවර්ධන ලොතරැයියෙන් ජීවිතේ එළිය වෙන්නේ ලොතරැයි මිලදී ගන්න අයගේ විතරයි කියලා. ඒත් ඇත්තටම සංවර්ධන ලොතරැයිය නිසා ජීවිතයම එළිය කරගත්ත විශාල පිරිසක් අදටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය එක්ක අත්වැල් බැදගෙන ඉන්නවා.
මේ එවන් පරමාදර්ශී ...
උසස් අධ්‍යාපනය තුළ ඔබ ලැබූ “මහපොළ ශිෂ්‍යත්ව” වරප්‍රසාදය මෙරට සිසු පරපුරට හිමිකර දෙන්නට කටයුතු කරන්නාවූ ඒ සැබෑ මූල්‍ය දායකයා කවුරුන්ද යන්න ඔබ දන්නවාද?
බොහෝ විට ඔබ නොදන්නවා විය හැකිය.
අප අපට හිමි අයිතිවාසිකම් ගැන උනන්දු වුවත් අපට යුතුකම් ඉටුකරන්නන් ...