කවදත් තම අලෙවි ජාලය වෙනුවෙන් මෙහෙවර ඉටුකරමින් ඔවුනට දිරිය දෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි සහායක මහත්ම මහත්මීන් අතරින් ශාරීරික අපහසුතා සහිත අලෙවි සහායක මහත්මයෙක් සදහා ට්‍රයිසිකලයක් ලබාදීම 2024.10.29 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති,ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතා අතින් සිදුකරන ලදී.
පහසුවෙන් පදවා ගෙන යමින් අලෙවි කටයුතු සිදුකල හැකි ආකාරයෙන් සකස් කල මෙම ට්රයිසිකලය පිරිනමන ලද්දේ අලෙවි නියෝජිත කේ.ජී කපිලරත්න මහතාගේ මරදාන අලෙවි සහායක අයි.ඩී ජයන්ත මහතාටය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු නිලධාරීන් සහභාගී විය.
උතුරු පළාතේ යාපනය,කිලිනොච්චිය, මුලතිව්,මන්නාරම, වව්නියා දිස්ත්‍රික්කයන්හි "සංවර්ධන අභිමන් 2022” අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 17 වන දින යාපනය ටිල්කෝ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරකසභා සභාපති , පාර්ලිමේන්තු...
“සංවර්ධන අභිමන් 2022” මොණරාගල දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 12 වන දින මොණරාගල සිතුමිණ සිටි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව ගරු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මැතිතුමා, ගරු අධ්‍යාපන රාජ්‍ය අ...
සංවර්ධන අභිමන් 2022” නුවරඑළිය දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 13 වන දින නුවරඑළිය අරලිය ග්‍රීන් සිටි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍ය ගරු සී.බී. රත්නායක මැතිතුමා,නගරාධිපතිවරුන්,ප්‍රාදේශීය සභා සභාපතිවරුන්...