සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් සුපිරි ජයග්‍රාහකයින් ඇතුලු විසිපන් ලක්ෂපතියන්, විසි ලක්ෂපතියන් හා දස ලක්ෂපතියන් 38 දෙනෙක්ට චෙක්පත් පිරිනැමේ

07-November-2024

ලොතරැයියකින් ජයග්‍රාහණයේ සතුට අත් කරගත් තවත් වාසනාවන්තයින් 38 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2024.11.05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙහිදී සංවර්ධන ලොතරැයි පත් අතරින්, ලග්න වාසනාව සුපිරි ජයමල්ල වන 7,049,577/- දිනා ගත් වාසනාවන්තයාට සහ තවත් සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ රු.2,500,000/- ජයග්‍රාහකයන්‍ 06 දෙනෙක් සඳහා ද චෙක්පත් ප්‍රදානය කරන ලදි.

ඊට අමතරව දිනුම් අදිනු ලබන ලොතරැයි පත් තුළින් බිහිවූ විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 14 දෙනෙක්ට හා දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 17 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමූ අතර එම සියලු ජයග්‍රාහකයින් අතර බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු. 67,049,577/-කි.

 



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙව...

විශේෂාංග පුවත්