මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් කෑගල්ල,මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.05 වන දින ඕක්-රේ රීජන්සි හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හා සැලසුම් පිළිබදව සාකච්ජා කිරීමත්, එක් එක් අලෙවි නියෝජිතයින් විසින් සිදුකළ අලෙවියෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, ආසන වශයෙන් වැඩිම අලෙවියක් සිදුකළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් ඇගයීමත් සිදුකරන ලදී. එසේම ලොතරැයි අලෙවිය හා සම්බන්ධව අලෙවි නියෝජිතයින්ගේ අදහස්, යෝජනා සහ ගැටලු වෙනුවෙන් ඉඩහසර ලබාදීමත් මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතා සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයත්,අදාළ දිස්ත්‍රික්කයන්හි කලාප කළමනාකරුවන් සහ අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුලු පිරිස සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2023 වර්ෂයේ ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි...! රු.බිලියන 3.6 ක් ජනාධිපති අරමුදලට සහ රජයට ලබාදෙන මුළු දායකත්වය රු.බිලියන 5.1 ක වාර්තාගත දායකත්වයක්.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙතෙක් ලබා ඇති ඉහළම ලාභය වන රුපියල් බිලියන 3.6ක් ජනාධිපති අරමුදලට දායක කර ඇත. එම චෙක්පත අද දින සං...
ගම්පහ, කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් බිහි වූ ජයග්‍රාහකයින් සඳහා චෙක්පත් ප්රදානය සහ එම ජයග්‍රාහී ලොතරැයි පත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සඳහා සහතික පත් පිරිනැමීම, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ...