මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් කෑගල්ල,මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.05 වන දින ඕක්-රේ රීජන්සි හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හා සැලසුම් පිළිබදව සාකච්ජා කිරීමත්, එක් එක් අලෙවි නියෝජිතයින් විසින් සිදුකළ අලෙවියෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, ආසන වශයෙන් වැඩිම අලෙවියක් සිදුකළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් ඇගයීමත් සිදුකරන ලදී. එසේම ලොතරැයි අලෙවිය හා සම්බන්ධව අලෙවි නියෝජිතයින්ගේ අදහස්, යෝජනා සහ ගැටලු වෙනුවෙන් ඉඩහසර ලබාදීමත් මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතා සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයත්,අදාළ දිස්ත්‍රික්කයන්හි කලාප කළමනාකරුවන් සහ අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුලු පිරිස සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ "සංවර්ධන අභිමන්" වැඩසටහනට අදාළ කෑගල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022.01.16 දින කෑගල්ල ස්ලීක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා,සාමාන්‍යාධිකාරී...
සංවර්ධන ලොතරැයි මණ්ඩලය දීප ව්‍යාප්තව සිදුකිරීමට බලාපොරොත්තු වන "සංවර්ධන අභිමන්" වැඩසටහනට අදාළ අනුරාධපුර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022.01.15 දින අනුරාධපුර හෙරිටේජ් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් විය.
ඒ සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති අජිත් ගුණරත්න...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක්ට හා තවත් ලක්ෂපති ජයග්‍රාහකයින් රැසකට අදාළ චෙක්පත් ලබාදීම 2022.01.12 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා අතින් සිදුවිය.
එහිදී 2021.12.12 දින පැවති කෝටිපති කප්රු...