කෝටි ගණන් දිනුම් ගෙනෙමින් වැඩිම ත්‍යාග මුදල් ප්‍රමාණයක් පිරිනමන සුපිරි ධන සම්පත ලොතරැයියේ “ඩබල් ෆෝචූන් ” විශේෂ ලොතරැයිපත් වෙළදපලට නිකුත් කිරීම 2025.01.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් හා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.
මෙම විශේෂ දිනුම් ඇදීම 2025 පෙබරවාරි 28 වන සිකුරාදා දින සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර මෙම “ ඩබල් ෆෝචූන් ” විශේෂ දිනුම් ඇදීම මගින් එදිනට නියමිත සුපිරි ජයමල්ල,සෙසු ත්‍යාග වලට අමතරව අංක 06 කින් යුත් පළමු විශේෂ අංකය ගැළපීමෙන් රු.100,000/- මුදල් ත්‍යාග හා තෝරාගනු ලබන අංක 06 කින් යුත් දෙවන විශේෂ අංකය ගැළපීමෙන් රු.50,000/- මුදල් ත්‍යාග රැසක් ද, ජයග්‍රාහකයින්ට දිනා ගත හැක.
සුපිරි ධන සම්පත “ ඩබල් ෆෝචූන් ” ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගෙන ඔබත් වැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න.
මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් උතුරු පළාතේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.26 වන දින යාපනය ටිල්කෝ හෝටල් පරිශ්‍රයේදී ...
උදාවූ නව වසරේ ප්‍රථම චෙක්පත් ප්රදානෝත්සවය 2025.01.21 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.