සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපිරි ධන සම්පත “ ඩබල් ෆෝචූන් ” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කෙරේ!

31-January-2025

කෝටි ගණන් දිනුම් ගෙනෙමින් වැඩිම ත්‍යාග මුදල් ප්‍රමාණයක් පිරිනමන සුපිරි ධන සම්පත ලොතරැයියේ “ඩබල් ෆෝචූන් ” විශේෂ ලොතරැයිපත් වෙළදපලට නිකුත් කිරීම 2025.01.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් හා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙම විශේෂ දිනුම් ඇදීම 2025 පෙබරවාරි 28 වන සිකුරාදා දින සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර මෙම “ ඩබල් ෆෝචූන් ” විශේෂ දිනුම් ඇදීම මගින් එදිනට නියමිත සුපිරි ජයමල්ල,සෙසු ත්‍යාග වලට අමතරව අංක 06 කින් යුත් පළමු විශේෂ අංකය ගැළපීමෙන් රු.100,000/- මුදල් ත්‍යාග හා තෝරාගනු ලබන අංක 06 කින් යුත් දෙවන විශේෂ අංකය ගැළපීමෙන් රු.50,000/- මුදල් ත්‍යාග රැසක් ද, ජයග්‍රාහකයින්ට දිනා ගත හැක.

සුපිරි ධන සම්පත “ ඩබල් ෆෝචූන් ” ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගෙන ඔබත් වැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙව...

විශේෂාංග පුවත්