සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ සුපිරි ජයග්‍රාහකයින් හා තවත් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග දිනූ ජයග්‍රාහකයින් 50 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කෙරේ.

07-March-2025

දිනපතා ඔබට වාසනාව රැගෙන එමින් ඔබේ ජීවිත එළිය කරනා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නුදුරේදි බිහිකළ තවත් ජයග්‍රාහකයින් 50 දෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2025.03.05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

මෙහිදී සංවර්ධන ලොතරැයිපත් අතරින්, සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ රු.2,500,000/- ජයග්‍රාහකයන්‍ 04 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කරන ලදි.

එසේම තවත් විසි ලක්ෂපති ජයග්‍රාහකයින් 27 සදහාත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් 19 දෙනෙක් සදහාත් එහිදී චෙක්පත් ප්‍රදානය කරන ලදි. 

ඒ අනුව සංවර්ධන ලොතරැයිපත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 50 දෙනෙකු අතර  රු. 83,000,000 /-ක වටිනාකමකින් යුත් චෙක්පත් බෙදාදීම සිදු කරන ලදි.  



සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් ජයග්‍රාහකයින් රැසකට චෙක්පත් පිරිනැමේ..

18-October-2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් ජයග්‍රාහකයින් රැසකට චෙක්පත් පිරිනැමේ..

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතය දිනූ තවත් ජයග්‍රාහකයින් 31 දෙනෙක් සදහා චෙක්පත් චෙක්පත් ප්‍රදානය කිරීමත් ,එම ජයග්‍රාහී ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කිරීමත් 2024.10.16 දින සංවර්ධන ලොතරැයි ම...

විශේෂාංග පුවත්