දිනපතා ඔබට වාසනාව රැගෙන එමින් ඔබේ ජීවිත එළිය කරනා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නුදුරේදි බිහිකළ තවත් ජයග්‍රාහකයින් 50 දෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2025.03.05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.
මෙහිදී සංවර්ධන ලොතරැයිපත් අතරින්, සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ රු.2,500,000/- ජයග්‍රාහකයන් 04 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කරන ලදි.
එසේම තවත් විසි ලක්ෂපති ජයග්‍රාහකයින් 27 සදහාත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් 19 දෙනෙක් සදහාත් එහිදී චෙක්පත් ප්‍රදානය කරන ලදි.
ඒ අනුව සංවර්ධන ලොතරැයිපත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 50 දෙනෙකු අතර රු. 83,000,000 /-ක වටිනාකමකින් යුත් චෙක්පත් බෙදාදීම සිදු කරන ලදි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක,සංවර්ධන වාසනාව හා ශනිදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස් දෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.03.12 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක...
එදාමෙදා තුර ඔබේ ජීවිතයේ වාසනාවේ විශ්වාසය වූ “ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය” මෙම ජනවාරි 19 වන දිනට සිය 38 වන සංවත්සරය සමරනු ලබයි. ශ්‍රි ලාංකික ඔබ වෙනුවෙන්ම වූ උත්තරීතර අරමුණු පෙරදැරිව 1983 වර්ෂයේ ජනවාරි 19 දින සමාරම්භ කරනු ලැබූ සංවර්ධන ලොතරැයි...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා ජයෝදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.01.07 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ...