සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

කප්රුක “බක්මහ වාසි” විශේෂ දිනුම් ඇදීම 2025 අප්‍රේල් 09 වනදා

22-March-2025

ලොතරැයි ලොවේ දැවැන්තම සුපිරි ජයමල්ල රැගෙන එන කප්රුක ලොතරැයිය උදාවන මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේත් ඔබේ වාසනාව දෙගුණ කරන්න සුදානම්. ඒ වෙනුවෙන්  සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් කප්රුක ලොතරැයියේ “බක්මහ වාසි” විශේෂ ලොතරැයිපත් වෙළදපලට නිකුත් කිරීම 2025.03.21 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙම විශේෂ දිනුම් ඇදීම 2025 අප්‍රේල් මස  09 වන බදාදා දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර මෙම “ බක්මහ වාසි ” විශේෂ දිනුම් ඇදීම මගින් එදිනට නියමිත කෝටි 56 ඉක්මවා යන සුපිරි ජයමල්ල,කෝටියේ ජයමලු දෙකක්, ලක්ෂ විස්සේ ජයමලු සමගින් තවත් ලක්ෂ දෙකක් දක්වා ත්‍යාග වලට අමතරව විශේෂ දිනුම් ඇදීමෙන් තෝරා ගනු ලබන ඉලක්කම් 06 කින් යුත් විශේෂ අංක 03 අතුරින්, පළමු විශේෂ අංකය ගැළපීමෙන් වටිනා මෝටර් බයිසිකල් ද දෙවන විශේෂ අංකය  ගැළපීමෙන් රු.100,000/- මුදල් තෑගි ද තෙවන විශේෂ අංකය  ගැළපීමෙන් රු. 50,000/- තෑගි රැසක් ද දිනා ගත හැක.

ජයග්‍රාහණය ගැන ඔබ දකිනා සිහිනයටත් වඩා ඉහළින් ඔබව ඔසවා තබන  කප්රුක ලොතරැයියේ “ බක්මහ වාසි” විශේෂ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගෙන මේ අවුරුද්දේවැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න.



අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

විශේෂාංග පුවත්