ලොතරැයි ලොවේ දැවැන්තම සුපිරි ජයමල්ල රැගෙන එන කප්රුක ලොතරැයිය උදාවන මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේත් ඔබේ වාසනාව දෙගුණ කරන්න සුදානම්. ඒ වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් කප්රුක ලොතරැයියේ “බක්මහ වාසි” විශේෂ ලොතරැයිපත් වෙළදපලට නිකුත් කිරීම 2025.03.21 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.
මෙම විශේෂ දිනුම් ඇදීම 2025 අප්‍රේල් මස 09 වන බදාදා දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර මෙම “ බක්මහ වාසි ” විශේෂ දිනුම් ඇදීම මගින් එදිනට නියමිත කෝටි 56 ඉක්මවා යන සුපිරි ජයමල්ල,කෝටියේ ජයමලු දෙකක්, ලක්ෂ විස්සේ ජයමලු සමගින් තවත් ලක්ෂ දෙකක් දක්වා ත්‍යාග වලට අමතරව විශේෂ දිනුම් ඇදීමෙන් තෝරා ගනු ලබන ඉලක්කම් 06 කින් යුත් විශේෂ අංක 03 අතුරින්, පළමු විශේෂ අංකය ගැළපීමෙන් වටිනා මෝටර් බයිසිකල් ද දෙවන විශේෂ අංකය ගැළපීමෙන් රු.100,000/- මුදල් තෑගි ද තෙවන විශේෂ අංකය ගැළපීමෙන් රු. 50,000/- තෑගි රැසක් ද දිනා ගත හැක.
ජයග්‍රාහණය ගැන ඔබ දකිනා සිහිනයටත් වඩා ඉහළින් ඔබව ඔසවා තබන කප්රුක ලොතරැයියේ “ බක්මහ වාසි” විශේෂ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගෙන මේ අවුරුද්දේවැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න.
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ලොතරැයි අලෙවිය නැවතත් ජූනි 01 වනදා සිට ආරම්භ කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලුම සන්නාමයන්ට අදාළ ලොතරැයිපත් මිළදී ගැනීමට එදින සිට පාරිභෝගිකයන්ට හැකියාව ඇත.
අනපේක්ෂිත ලෙස 2020.03.17 දින සිට...
නව තාක්ෂණය යොදා ගනිමින් සේවා කාර්යක්ෂමතාවයන් ඉහළ නැංවීමේ ක්‍රමවේදයන්ට අනුගතවෙමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයද තම කාර්යඵල සාධනය කර ගැනීමට කටයුතු කර ඇත.
ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව...
2020 වර්ෂයේ මාස දෙකක කාලය ඇතුළත අද කෝටිපති ලොතරැයිය බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් සිව් දෙනෙක් සදහා අදාළ චෙක්පත් ප්රදානය කිරීම 2020.02.26 දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සහ ගරු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලිය ග...