සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලොතරැයිපත් දිනුම් ඇදීමේ දින සංශෝධනයන් සමගින් නියත ජය ලොතරැයිය වෙළදපලින් ඉවත් කෙරේ.

02-August-2019

සතියේ සෑම අගහරුවාදා සහ සිකුරාදා දිනකම දිනුම් අදින ලද නියත ජය ලොතරැයිපත 2019 ජූලි 30 වන දින සිට බල පැවැත්වෙන පරිදි වෙළදපලින් ඉවත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කර ඇත. එහි අවසන් දිනුම් ඇදීම 2019 ජූලි 30 වන දින සිදුකළ අතර එහි ජයග්‍රහණය නොකළ සුපිරි ජයමල්ල 2019 අගෝස්තු 02 දින දිනුම් අදිනු ලබන සංවර්ධන වාසනාව ටිකට්පතෙහි සුපිරි ජයමල්ලට එකතු කරනු ලබයි.

අවසන් වශයෙන් 2019 ජූලි 30 වන දින දිනුම් අදිනු ලද නියත ජය ලොතරැයි ටිකට්පතේ දිනුම් එම අවසන් දිනුම් ඇදීමේ දින සිට මාස 06ක් ඇතුළත ලබා ගැනීමට ජයග්‍රාහකයින්ට හැකියාව ඇත.

ඒ අනුව මින් ඉදිරියට නියත ජය ලොතරැයිපත පැවති දිනයන් වෙනුවට ජයෝදා ටිකට්පත අගහරුවාදා දිනටත් සංවර්ධන වාසනාව සිකුරාදා දිනයත් දිනුම් අදිනු ලැබේ.

මෙම සංශේධනයන්ට අනුව ඔබට ජයෝදා ලොතරැයිපත අගහරුවාදාට සහ බ්‍රහස්පතින්දාටත් සංවර්ධන වාසනාව ලොතරැයිපත බදාදා සහ සිකුරාදා දිනයන්ටත් මිළදී ගැනීමේ හැකියාව ඇත.

එමෙන්ම ජනතාවගේ ඉල්ලීම මත වැඩි ආකර්ෂයක් දිනා ගත් ලග්න වාසනාව (රාශි අදිෂ්ටම්) ලොතරැයිය 2019 අගෝස්තු 01 වන දින සිට සතියේ දින හත පුරාම දිනුම් අදිනු ලබයි.

 



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්