සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාව දැන් දින හතේම

02-August-2019

අගෝස්තු මස 01 වන දින සිට “ලග්න වාසනාව” සතියේ දින හතේම ඔබ වෙත ගෙන ඒමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.

මෙතෙක් ඔබ මිළදී ගත් ලග්න වාසනාව ලොතරැයිපත් නොවෙනස්ව පවතින අතර සෙනසුරාදාට ඔබ වෙත එන “ලග්න වාසනාව” ලොතරැයිය “නිල් පැහැයෙන්ද” සදුදා දිනට ඔබ හමුවට එන ලග්න වාසනාව “කහ පාටින්ද” යුක්ත වේ.

එමෙන්ම අගෝස්තු මස පුරාවටම  “ලග්න වාසනාව” ලොතරැයියේ ඩබල් චාන්ස් නමින් විශේෂ දිනුම් ඇදීමක් දිනපතා සිදුකරනු ලබයි. මේ මගින් රුපියල් 100/- බැගින් වූ තෑගි 1000 ක් හා රුපියල් 500/- බැගින් වූ තෑගි 250ක් හිමිකර ගැනීමට ඔබට අවස්ථාව ඇත.

තවද අගෝස්තු මස 31 වන දින “සුපිරි ධන යෝගය” නම් වූ විශේෂ ලග්න වාසනාව දිනුම් ඇදීමක් සිදුකරනු ලබන අතර මෙදිනට ඩබල් චාන්ස් දිනුම් ඇදීමට අමතරව විගෝ මෝටර් රථයක් හා රුපියල් 100,000/- බැගින් වූ දිනුම් අවස්ථා 15ක් දිනාගැනමට අවකාශය සලසා දී ඇත.

ලග්න වාසනාවේ වාසනාවන්තම මාසය ලෙසින් ඉදිරියට යන අගෝස්තු මාසයේ ඔබත් ලග්න වාසනාව මිළදී ගන්න අමතක නොකරන්න.

 



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්