සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හතරවන වෛද්‍ය කදවුර කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිත හා අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන්.

28-August-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත හා අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාදීමේ වෛද්‍ය කදවුරු මාලාවේ හතරවන වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේදී 2019.08.25 වන දින පැවැත්විය.

වසරේ දින වැඩිම ගණනක් තම ශරීර සෞඛය ගැන හෝ නොතකා නොයෙක් රෝගාබාධයන්ගෙන් පීඩා විදිමින් ලොතරැයි අලෙවියෙහි යෙදෙන අලෙවි නියෝජිත,අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීම මෙන්ම අක්ෂි පරික්ෂාව සහ ඇස් කණ්නාඩි ලබා දීමද එහිදී සිදුවිය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත සහ අලෙවි සහයක මහත්ම මහත්මීන්  600කට ආසන්න පිරිසක් මෙම වෛද්‍ය කදවුර සදහා සහභාගී වූ අතර මෙම වැඩසටහන ඔවුන්ගේ නිරන්තර ප්‍රසංසාවට හා අගයකිරීමට පාත්‍ර විය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා, සහකාර සාමාන්‍යාධිකාරී විකුණුම් සුනිල් ජයරත්න මහතා, කළාප කළමනාකරු රංග රණතුංග මහතා ඇතුළු පිරිස සහභාගී විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්