සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වසර විස්සක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන් අගය කරමින් ඔවුන් වෙත රන් පවුම බැගින් ලබා දීම 2019.08.28 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
අවුරුදු 36ක් පැරණි සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් වසර විස්සක් හා ඊට වැඩි කලක් රැදී සිටිමින් ලබාදුන් අමිල සේවා දායකත්වය අගය කරමින් ඊට උපහාරයක් ලෙස එම රන් පවුම් ප්රදානය සිදුකරන ලදි.
එහිදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන් තිස් දෙනෙක් ඇගයීමට පාත්රවිය.
මෙම උපහාර ප්රදානෝත්සවය සමගින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී අධ්‍යක්ෂක එච්.ආර්.විමලසිරි මහතා,සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු කළමනාකාරීත්වය සහභාගී වූ අතර අධ්යක්ෂ මණ්ඩලය වෙනුවෙන්මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තු අධ්යක්ෂ එච්.සී.ඩී.එල්. සිල්වා මහතා, මහපොළ භාරකාර අරමුදලේ අධ්යක්ෂ එම්.පී.පරාක්‍රම බණ්ඩාර මහතා යන අයද සහභාගී විය.
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීමක් ගාල්ල,මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2024.12.08 වන දින මාතර ග්‍රෑන්ඩ් නැව්රෝ හෝටල් ප...
දිනපතාම ජයග්‍රාහකයින් බිහි කරමින් වාසනාව ඔබේ ජීවිතයට ගෙන එන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් තුළින් බිහිවූ තවත් ජයග්‍රාහකයින් රැසක් සදහා චෙක්පත් පිරිනැමීම 2024.11.26 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ප්‍රධානත්වයෙන් හා කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන...