සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වසර විස්සක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන් අගය කරමින් ඔවුන් වෙත රන් පවුම බැගින් ලබා දීම 2019.08.28 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
අවුරුදු 36ක් පැරණි සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් වසර විස්සක් හා ඊට වැඩි කලක් රැදී සිටිමින් ලබාදුන් අමිල සේවා දායකත්වය අගය කරමින් ඊට උපහාරයක් ලෙස එම රන් පවුම් ප්‍රදානය සිදුකරන ලදි.
එහිදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන් තිස් දෙනෙක් ඇගයීමට පාත්‍රවිය.
මෙම උපහාර ප්‍රදානෝත්සවය සමගින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී අධ්‍යක්ෂක එච්.ආර්.විමලසිරි මහතා,සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු කළමනාකාරීත්වය සහභාගී වූ අතර අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ එච්.සී.ඩී.එල්. සිල්වා මහතා, මහපොළ භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ එම්.පී.පරාක්‍රම බණ්ඩාර මහතා යන අයද සහභාගී විය.
අද කෝටිපති ලොතරැයිපතෙහි අලෙවිය වර්ධනය කර ගැනීම වෙනුවෙන් 2019 ජූලි මස සිට සැප්තැම්බර් මස දක්වා ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන යටතේ මුළු දිවයිනෙන්ම වැඩිම අලෙවියක් සිදුකළ දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා මුදල් ත්‍යාග ලබාදීම පසුගිය අගෝස්තු ...
ශනිදා වාසනාව 3325 වන වාරයේ සුපිරි ජයමල්ල රු.3,99,79,235/- මුදල දිනාගත් -කිරම ප්‍රාදේශයේ කංකානම්ගේ ධර්මසිරි මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම අද (2020.07.27) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.