සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වසර විස්සක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන් අගය කරමින් ඔවුන් වෙත රන් පවුම බැගින් ලබා දීම 2019.08.28 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
අවුරුදු 36ක් පැරණි සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් වසර විස්සක් හා ඊට වැඩි කලක් රැදී සිටිමින් ලබාදුන් අමිල සේවා දායකත්වය අගය කරමින් ඊට උපහාරයක් ලෙස එම රන් පවුම් ප්‍රදානය සිදුකරන ලදි.
එහිදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන් තිස් දෙනෙක් ඇගයීමට පාත්‍රවිය.
මෙම උපහාර ප්‍රදානෝත්සවය සමගින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී අධ්‍යක්ෂක එච්.ආර්.විමලසිරි මහතා,සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු කළමනාකාරීත්වය සහභාගී වූ අතර අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ එච්.සී.ඩී.එල්. සිල්වා මහතා, මහපොළ භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ එම්.පී.පරාක්‍රම බණ්ඩාර මහතා යන අයද සහභාගී විය.
2021.04.02 දින පැවති සුපර් බෝල් 1415 වන වාරයේ සුපිරි ජයමල්ල 52,144,365/- ක මුදල දිනාගත් ඉංගිරිය ප්‍රදේශයේ යූ.එම්.ජේ.ටී.උපසේන මහතාට අදාළ චෙක්පත පිරි නැමීම 2021.04.23 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අමිත ගමගේ මහතා විසින් සිදුකරන ලදී.
එම ජයග්රාහි ලොතරැයිපත අලෙවි කර තිබුණේ ඉංගිරිය...
ලග්න වාසනාව 3093 වන වාරයේ සුපිරි ජයමල්ල 2,689,014/- ක මුදල දිනාගත් එම්.ඒ.ඩබ්.සුරේන්ද්‍ර මහතාට අදාළ චෙක්පත ලබාදීම 2021.04.01 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂිකා නීතීඥ ජැනට් ජයවර්ධන මහත්මිය අතින් සිදුවිය.
එමෙන්ම සංවර්ධන ල...
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් වාර්ෂිකව අඛණ්ඩව පවත්වනු ලබන දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත රුස්වීම් මාලාවේ 2021 වර්ෂයට අදාළ රුස්වීම 2021.03.29 වන දින පවත්වන ලදී. සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්මීන් මෙම අවස්ථාව සදහා සහභා...