සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

අද කෝටිපති සහ ලග්න වාසනාවේ සුපිරි ජයග්‍රාහකයින් සමගින් වාසනාවන්තයින් හතලිස් දෙදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ත්‍යාග ලබයි

19-September-2019

අද කෝටිපති ලොතරැයියේ 728 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 8 85 42 040 ක මුදල දිනාගත් ගත් ඔරුබැදිසියඹලාව ප්‍රදේශයේ එස්.ජී. හේමතිලක මහතාට සහ ලග්න වාසනාව ලොතරැයියෙන් අගෝස්තු මස බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් හය දෙනෙක්ට අදාළ චෙක්පත් ප්‍රදානය 2019.09.18 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.

එම සුපිරි ජයග්‍රාහකයින්ට අමතරව දස ලක්ෂයේ මුදල් ත්‍යාග දිනූ ජයග්‍රාහකයින් තිස්එක් දෙනෙක්ට ද අදාළ චෙක්පත් ප්‍රදානය එහිදී සිදුවිය.

කෝටිපති ශනිදා ලොතරැයියේ 475 වන විශේෂ දිනුම් ඇදීම් වාරයේ වීගෝ මෝටර් රථය දිනාගත් එල්.ඒ.ලහිරු රවිශාන් මහතාට සහ යතුරු පැදි දිනාගත් ජයග්‍රාහකයින් තිදෙනෙක් සදහා අදාළ ත්‍යාගයන් පිරිනමන ලදී.

 මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතා ඇතුලු නිළධාරීන් සහභාගී විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්