සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත සහ අලෙවි සහායක මහත්ම මහත්මින් වෙනුවෙන් “ DLB සත්කාර ” යන තේමාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන වෛද්‍ය කදවුරු මාලාවේ තවත් අදියරක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී.
එය බදුල්ල දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිත සහ අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වන ලද අතර එය මෙම වෛද්‍ය කදවුරු මාලාවේ හය වන වෛද්‍ය කදවුරයි.
පසුගිය සැප්තැම්බර් 27 වන දින පවත්වන ලද මෙම වෛද්‍ය කදවුර සදහා 500කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර එහිදී වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීමත් අක්ෂි පරීක්ෂාව සමගින් ඇස් කණ්ණාඩි ලබාදීමත් සිදුවිය.
මෙම වෛද්‍ය කදවුර සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ,සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා, බදුල්ල දිස්ත්‍රික් කලාප කළමනාකරු උපාලි සමන්කුමාර මහතා ඇතුලු පිරිස සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතයට ආර්ථිකමය ශක්තියක් ලබාගන්නා 500කට ආසන්න විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහකයින් වෙනුවෙන් දීප ව්‍යාප්තව සිදුකරන ට්රයිසිකල් බෙදා දීමේ වැඩසටහනෙහි තවත් අදියරක් පසුගිය ජූලි 16 සහ 17 දිනයන්හිදී ක්‍රියාත්මක කරන ලදී.
<...