සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත සහ අලෙවි සහායක මහත්ම මහත්මින් වෙනුවෙන් “ DLB සත්කාර ” යන තේමාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන වෛද්‍ය කදවුරු මාලාවේ තවත් අදියරක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී.
එය බදුල්ල දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිත සහ අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වන ලද අතර එය මෙම වෛද්‍ය කදවුරු මාලාවේ හය වන වෛද්‍ය කදවුරයි.
පසුගිය සැප්තැම්බර් 27 වන දින පවත්වන ලද මෙම වෛද්‍ය කදවුර සදහා 500කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර එහිදී වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීමත් අක්ෂි පරීක්ෂාව සමගින් ඇස් කණ්ණාඩි ලබාදීමත් සිදුවිය.
මෙම වෛද්‍ය කදවුර සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ,සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා, බදුල්ල දිස්ත්‍රික් කලාප කළමනාකරු උපාලි සමන්කුමාර මහතා ඇතුලු පිරිස සහභාගී විය.
අසිරිමත් නත්තල අභියස වාසනාව දෝතට තිළිණ කළ තවත් චෙක්පත් ප්‍රදානෝත්සවයක් 2024.12.24 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් හා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වය...
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීමක් ගාල්ල,මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2024.12.08 වන දින මාතර ග්‍රෑන්ඩ් නැව්රෝ හෝටල් ප...
ලොතරැයි වෙළදපොලේ දිනපතා දිනුම් අදින සුවිශාලම සුපිරි ජයමල්ල රැගත් කප්රුක ලොතරැයියේ “කප්රුක නත්තල් වාසි ” විශේෂ ලොතරැයිපත් වෙළදපලට නිකුත් කිරීම 2024.12.06 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරිත්...