සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත සහ අලෙවි සහායක මහත්ම මහත්මින් වෙනුවෙන් “ DLB සත්කාර ” යන තේමාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන වෛද්‍ය කදවුරු මාලාවේ තවත් අදියරක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී.
එය බදුල්ල දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිත සහ අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වන ලද අතර එය මෙම වෛද්‍ය කදවුරු මාලාවේ හය වන වෛද්‍ය කදවුරයි.
පසුගිය සැප්තැම්බර් 27 වන දින පවත්වන ලද මෙම වෛද්‍ය කදවුර සදහා 500කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර එහිදී වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීමත් අක්ෂි පරීක්ෂාව සමගින් ඇස් කණ්ණාඩි ලබාදීමත් සිදුවිය.
මෙම වෛද්‍ය කදවුර සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ,සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා, බදුල්ල දිස්ත්‍රික් කලාප කළමනාකරු උපාලි සමන්කුමාර මහතා ඇතුලු පිරිස සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ජාලය දිරිමත් කිරීම සඳහා සංවර්ධන අභිමන් 2022 මහනුවර හා මාතලේ දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 ජනවාරි මස 29 වන දින කටුගස්තොට මහවැලි රීච් හෝටල් පරිශ්‍රයේ දී සාර්ථකව නිමාවිය.
මෙම අවස්ථාව සඳහා ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුම...
සම්ප්‍රදායික ලොතරැයි කලාව අතික්‍රමණය කරමින් නවීන තාක්ෂණයේ දිශානතියන් ඔස්සේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් DLB Sweep App වෙත ප්‍රථම වතාවට National ICT Awards , NBQSA 2021 සම්මාන උළෙලේදී "Retail and Distribution in Consumer Category " යටතේ රිදී සම්මානයක් හිමිවිය.මීට අමතරව...
එම ජයග්‍රාහී 39 වන වර්ෂපූර්ණය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, මුදල් අමාත්‍යතුමාටත් සහ සියලු ලක්වාසීන්ටත් , සංවර්ධන ලොතරැයි මණ්ඩලයටත් සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් සිදුකරන ලදී.
එසේම ඒ සියල්ලන්ටම පුණ්‍යාණුමෝදනා කරමින් ස්වාමී...