ලග්න වාසනාව ලොතරැයියේ " සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ පළමු ත්‍යාග වූ සුපිරි වීගෝ මෝටර් රථය දිනා ගැනීමට අම්බලන්තොට ප්‍රදේශයේ පී.වී. වර්ණසීලී මහත්මිය සමත් වී ඇත. ඇයට එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවිකර තිබුණේ හම්බන්තොට අලෙවි නියෝජිත එච්.ආර්.චාන්දනී මහත්මියයි.
වර්ණසීලී මහත්මියට අදාළ මෝටර් රථය ප්රදානය කිරීම 2019.12.04 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.
එම අවස්ථාවට සමගාමීව සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් බිහිවූ තවත් දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 26 දෙනෙක්ට සහ යතුරු පැදි දිනූ ජයග්‍රාහකයින් දෙදෙනෙක් සදහා අදාළ ත්‍යාග සහ චෙක්පත් ප්‍රදානයද සිදුකරන ලදී.
එම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති දිලිප් සිල්වා මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩ මහතා ඇතුලු නිළධාරීන් සහභාගී විය.
ගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනෙහි තවත් අදියරක් පසුගිය අගෝස්තු 05 වන දින දිවුලපිටිය මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. එහිදී සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දීප ව්‍යාප්තව සිදුකරන විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහයකයින් සදහා ට්&z...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත හා අලෙවි සහයක මහත්ම මහත්මීන් උදෙසා නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාදීමේ වෛද්‍ය කදවුරු මාලාවේ තෙවන වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේදී 2019.08.14 වන දින පැවැත්විය.
වසරේ දින වැඩිම ගණනක් තම ශරීර සෞඛය ගැන හෝ නොතකා නොයෙක් රෝගාබාධයන්ගෙන් පීඩා විදිමින් ලොතරැ...
සතියේ සෑම අගහරුවාදා සහ සිකුරාදා දිනකම දිනුම් අදින ලද නියත ජය ලොතරැයිපත 2019 ජූලි 30 වන දින සිට බල පැවැත්වෙන පරිදි වෙළදපලින් ඉවත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කර ඇත. එහි අවසන් දිනුම් ඇදීම 2019 ජූලි 30 වන දින සිදුකළ අතර එහි ජයග්‍රහණය නොකළ සුපිරි ජයමල්ල 2019 ...