ලග්න වාසනාව ලොතරැයියේ " සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ පළමු ත්‍යාග වූ සුපිරි වීගෝ මෝටර් රථය දිනා ගැනීමට අම්බලන්තොට ප්‍රදේශයේ පී.වී. වර්ණසීලී මහත්මිය සමත් වී ඇත. ඇයට එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවිකර තිබුණේ හම්බන්තොට අලෙවි නියෝජිත එච්.ආර්.චාන්දනී මහත්මියයි.
වර්ණසීලී මහත්මියට අදාළ මෝටර් රථය ප්‍රදානය කිරීම 2019.12.04 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.
එම අවස්ථාවට සමගාමීව සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් බිහිවූ තවත් දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 26 දෙනෙක්ට සහ යතුරු පැදි දිනූ ජයග්‍රාහකයින් දෙදෙනෙක් සදහා අදාළ ත්‍යාග සහ චෙක්පත් ප්‍රදානයද සිදුකරන ලදී.
එම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති දිලිප් සිල්වා මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩ මහතා ඇතුලු නිළධාරීන් සහභාගී විය.
එදාමෙදා තුර ඔබේ ජීවිතයේ වාසනාවේ විශ්වාසය වූ “ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය” මෙම ජනවාරි 19 වන දිනට සිය 38 වන සංවත්සරය සමරනු ලබයි. ශ්‍රි ලාංකික ඔබ වෙනුවෙන්ම වූ උත්තරීතර අරමුණු පෙරදැරිව 1983 වර්ෂයේ ජනවාරි 19 දින සමාරම්භ කරනු ලැබූ සංවර්ධන ලොතරැයි...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා ජයෝදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.01.07 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ...