එදා මෙදාතුර ලොතරැයි ඉතිහාසයෙහි දැවැන්තම තාක්ෂණික පියවර තබමින් ඉදිරියට ආ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ප්‍රථම ඩිජිටල් ලොතරැයිය වන “සසිරි” ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම අද දින (2020.09.29) මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුකරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් මේ වන විට හදුන්වා දී ඇති DLB Sweep App හරහා අද සිට “සසිරි” ඩිජිටල් ලොතරැයිපත මිළදී ගැනීමට හැකියාව පවතින අතර ලග්න වාසනාව,සුපර් බෝල් සහ ශනිදා යන ලොතරැයිපත්ද එම App මගින් online ක්‍රමයට මිළදී ගැනීමේ හැකියාව පවතී.
“සසිරි” ලොතරැයිය දකුණු ආසියාවේ ප්‍රථම ඩිජිටල් තාක්ෂණික ලොතරැයිපත වන අතර එය ඔන්ලයින් මාර්ගයෙන් මෙන්ම මුද්‍රිත ලොතරැයියක් වශයෙන්ද ලබා ගත හැකි දෙමුහුන් ලොතරැයිපතකි.
“සසිරි” ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීමේ ප්‍රධාන අරමුණ පසුගිය කොරෝනා වසංගත සමයෙහි පිහිටවූ කොවිඩ් අරමුදල සදහා මූල්‍ය දායකත්වය සැපයීමයි . ඒ අනුව මෙම ලොතරැයිපත් අලෙවිය හරහා ලැබෙන්නාවූ ලාභයන් ජනාධිපති අරමුදලට බැරවෙන අතර ජනාධිපති අරමුදල හරහා එම මුදල් කොවිඩ් අරමුදල වෙත ප්‍රේෂණය කිරීමට යෝජිතය.
අද දින වෙළදපලට නිකුත් කරනු ලැබූ මෙම “සසිරි” ඩිජිටල් ලොතරැයිපතෙහි ප්‍රථම දිනුම් ඇදීම එළඹෙන ඔක්තෝබර් මස 14 වන දින සිදුකිරීමට නියමිත අතර එතැන් සිට සතියේ සෑම බදාදාවකම හා සෙනසුරාදා දිනයකම අදාළ දිනුම් ඇදීම් සිදුකරනු ලැබේ. එහිදී අංක තුනක් ගැළපීමෙන් ලක්ෂයේ දිනුම් අවස්ථා රැසක් සමගින් සෙසු ත්‍යාග රැසක්ද හිමි කර ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ඇත.
සසිරි ඩිජිටල් ලොතරැයිපත හරහා දිනුම් හිමිකර ගන්නා ජයග්රාහකයින්ට අදාළ ත්‍යාග මුදල් එම ජයග්රාහකයිගේ බැංකු ගිණුමට බැරවන ලෙස පරිගණක තාක්ෂණයෙන් සකස් කර ඇත.මුද්‍රිත ටිකට්පත් හරහා ජයග්‍රාහණය කරනු ලබන ත්‍යාග මුදල් සුපුරුදු පරිදි බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගෙන් හෝ ප්‍රධාන කාර්යාලයට පැමිණ ලබාගත හැකිය.
දැනට පවතින සාම්ප්‍රදායික ලොතරැයි දිනුම් ඇදීමේ ක්රමයන්ගෙන්ද ඉවත්ව නවතම ඩිජිටල් තාක්ෂණික ක්රමෝපායන් ඔස්සේ මෙහි දිනුම් ඇදීම් සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රකාශ කරයි.
ලොතරැයි වෙළදපලෙහි පෙරළිකාර නැවුම් අත්දැකිමක් සමගින් ඔබ අතරට එන මෙම සසිරි ඩිජිටල් ලොතරැයිපත මිළදී ගැනීමට ඔබත් අදම www.dlb.lk/apps යන ලින්ක් භාවිතා කර ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයට හෝ ටැබ් යන්ත්‍රයට DLB Sweep App යෙදවුම භාගත කර ගෙන ඩිජිටල්කරණය වූ වාසනාව උරුම කර ගන්නා ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයිපත් මිළදී ගන්නා පාරිභෝගික මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලා සිටී.
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.03.08 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ...
දිනපතා ඔබට වාසනාව රැගෙන එමින් ඔබේ ජීවිත එළිය කරනා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නුදුරේදි බිහිකළ තවත් ජයග්‍රාහකයින් 50 දෙනෙක් සදහා චෙක්පත් ප්රදානය කිරීම 2025.03.05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමන...
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුරය, පොළොන්නරුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025...
ජීවිතේ කියන්නේ කිසියම් සීමාවක් ඇතුලේ තියලා ගොඩනැගෙන්න දිය යුත්තක්ම නොවේ.
ස්ත්‍රී පුරුෂභාවය එහෙම නැතිනම් සමාජ තත්ත්වය උගත් මට්ටම වැනි දේ මත පදනම් වී සාම්ප්‍රදායික තෝරාගැනීම් වලටම යන්න බහුතරය පුරුදු වෙලා තිබුණත් ඉන් එහාට අඩියක් තියන්න පුළුවන්නම් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක...
ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය කියලා ඇහෙද්දි ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ සංවර්ධන ලොතරැයියෙන් ජීවිතේ එළිය වෙන්නේ ලොතරැයි මිලදී ගන්න අයගේ විතරයි කියලා. ඒත් ඇත්තටම සංවර්ධන ලොතරැයිය නිසා ජීවිතයම එළිය කරගත්ත විශාල පිරිසක් අදටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය එක්ක අත්වැල් බැදගෙන ඉන්නවා.
මේ එවන් පරමාදර්ශී ...
උසස් අධ්‍යාපනය තුළ ඔබ ලැබූ “මහපොළ ශිෂ්‍යත්ව” වරප්‍රසාදය මෙරට සිසු පරපුරට හිමිකර දෙන්නට කටයුතු කරන්නාවූ ඒ සැබෑ මූල්‍ය දායකයා කවුරුන්ද යන්න ඔබ දන්නවාද?
බොහෝ විට ඔබ නොදන්නවා විය හැකිය.
අප අපට හිමි අයිතිවාසිකම් ගැන උනන්දු වුවත් අපට යුතුකම් ඉටුකරන්නන් ...