සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි ජයග්‍රාහකයින් සිව් දෙනෙක්ට අගමැති ලේකම්තුමන් අතින් චෙක්පත් පිරිනැමේ

30-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපර්බෝල් හා ලග්න වාසනාව යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් පස් දෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.03.30 වන දින ගරු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි  සෙනරත් මහතා විසින් සිදුකරන ලදී. 

එහිදී “සුපර් බෝල්” 1403 වන වාරයේ සුපිරි ජයමල්ල රු.75,412,110 /- ක මුදල දිනාගත් කැකිරාව කේ.ජී.රොෂාන්  මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කරන ලදී. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ දඹුල්ල අලෙවි නියෝජිත පී.එච්.එස්.රත්නවිභූෂණ  මහතායි.

තවද “ලග්න වාසනාව” 3096  වන වාරයේ සුපිරි ජයමල්ල රු. 2,454,571/- ක මුදල දිනාගත් හිගුරාන ආර්.ආරියදාස මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කෙරුණු අතර එම වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කර තිබුණේ හිගුරාන අලෙවි නියෝජිත කේ.ඒ.එල්.ස්වර්ණකුමාර මහතායි.

“ලග්න වාසනාව” 3098 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,230,396 /- ක මුදල දිනාගත් කඩවත එච්.පී.කුසන්ත මහතාටද එහිදී අදාළ චෙක්පත ප්‍රදානය කරන ලදී. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ රන්මුතුලග අලෙවි නියෝජිත පී.ඒ.චන්ද්‍රසිරි මහතායි.

“ලග්න වාසනාව” 3089 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,347,887 /- ක මුදල දිනාගත් මහනුවර එච්.ජී.පීරිස් මහත්මියටද අදාළ චෙක්පත ප්‍රදානය කරන ලදී. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ බකමූණ අලෙවි නියෝජිත කේ.යූ.අයි.ලක්මාලි මහත්මියයි.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩයේ සභාපති අමිත ගමගේ මහතා ඇතුලු නිළධාරීන් සහභාගී විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්