දිවයින පුරා විසිරී පැතිරී සිටින අලෙවි ජාලය දිරිමත් කිරීම සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන "සංවර්ධන අභිමන්" වැඩසටහනෙහි පුත්තලම දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022.01.17 දින හලාවත Chilaw City හෝටල් පරිශ්‍රයේදී අති සාර්ථකව පවත්වන ලදී.
ඒ සඳහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමාත්‍ය සනත් නිශාන්ත මැතිතුමා සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති අජිත් ගුණරත්න නාරගල මැතිතුමා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා සමඟින් දිස්ත්‍රික්කයේ පළාත්පාලන ආයතන සභාපතිවරුන්ද සහභාගී විය.
2022 වර්ෂයේදී නව දැක්මක් සහ නායකත්වයක් සහිතව ඉදිරියට යන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ජාලය සවිබලගැන්වීම මෙම වැඩසටහන පැවැත්වීමේ මූලික අරමුණයි. ඊට අදාල වන සැලසුම් සහ වෙළඳපොළ උපායමාර්ග පිළිබඳවත් එහිදී සාකච්ඡා විය. ඒ සඳහා බෙදාහැරීමේ අලෙවි නියෝජිතයන්ගේ හා අලෙවි නියෝජිතයන් වෙතින් ලැබෙන අදහස් හා යෝජනා වලටද එහිදී අවස්ථාව හිමිවූ අතර 2021 වසරේදී විශිෂ්ටතම අලෙවියක් සිදුකළ පුත්තලම දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිත පිරිස ඇගයීමත් ඔවුන්ට සහතිකපත් හා තිළිණ ප්‍රධානය කිරීමද සිදුකෙරිණ.
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.03.08 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ...
දිනපතා ඔබට වාසනාව රැගෙන එමින් ඔබේ ජීවිත එළිය කරනා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නුදුරේදි බිහිකළ තවත් ජයග්‍රාහකයින් 50 දෙනෙක් සදහා චෙක්පත් ප්රදානය කිරීම 2025.03.05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමන...
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුරය, පොළොන්නරුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025...
ජීවිතේ කියන්නේ කිසියම් සීමාවක් ඇතුලේ තියලා ගොඩනැගෙන්න දිය යුත්තක්ම නොවේ.
ස්ත්‍රී පුරුෂභාවය එහෙම නැතිනම් සමාජ තත්ත්වය උගත් මට්ටම වැනි දේ මත පදනම් වී සාම්ප්‍රදායික තෝරාගැනීම් වලටම යන්න බහුතරය පුරුදු වෙලා තිබුණත් ඉන් එහාට අඩියක් තියන්න පුළුවන්නම් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක...
ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය කියලා ඇහෙද්දි ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ සංවර්ධන ලොතරැයියෙන් ජීවිතේ එළිය වෙන්නේ ලොතරැයි මිලදී ගන්න අයගේ විතරයි කියලා. ඒත් ඇත්තටම සංවර්ධන ලොතරැයිය නිසා ජීවිතයම එළිය කරගත්ත විශාල පිරිසක් අදටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය එක්ක අත්වැල් බැදගෙන ඉන්නවා.
මේ එවන් පරමාදර්ශී ...
උසස් අධ්‍යාපනය තුළ ඔබ ලැබූ “මහපොළ ශිෂ්‍යත්ව” වරප්‍රසාදය මෙරට සිසු පරපුරට හිමිකර දෙන්නට කටයුතු කරන්නාවූ ඒ සැබෑ මූල්‍ය දායකයා කවුරුන්ද යන්න ඔබ දන්නවාද?
බොහෝ විට ඔබ නොදන්නවා විය හැකිය.
අප අපට හිමි අයිතිවාසිකම් ගැන උනන්දු වුවත් අපට යුතුකම් ඉටුකරන්නන් ...