පුරා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලාංකීය ජනතාවට වාසනාවේ සිහින සැබෑ කිරීමට පුරෝගාමී වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ජාතික මෙහෙවර ඉටුකරමින් සිය 41 වන අභිමානවත් සංවත්සරය ආගමික කටයුතු වලට මුල් තැන දෙමින් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි අතිපූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආශිර්වාද පූජෝත්සවයක් පැවැත්වෙන ලදි.
මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමා,සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මැතිතුමා ඇතුළු කළමණාකාරීත්වයේ හා කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් පිරිසක් ද සහභාගී විය.
පායන හිරු මෙන් විශ්වාස “ ශනිදා වාසනාව ” නව මුහුණුවරකින් මෙන්ම නව ත්‍යාග රටාවන්ගෙන් වෙළදපලට නිකුත් කිරීම 2019.10.01 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.
මෙම නව වෙනස්වීම් වලට සමග...
සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ලොතරැයි දිනුම් ඇදීමේ නිවේදක නිවේදිකාවන් වෙනුවෙන් දින පහක පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කළ අතර එහි නිමාව පසුගියදා සිදුවිය.
සියලුම නිවේදක නිවේදිකාවන් සහභාගී කරවමින් කණ්ඩායම් දෙකක් වශයෙන් පැවැත්වූ මෙම පුහුණු වැඩමුළුව සදහා පහළොස් දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩ...