පුරා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලාංකීය ජනතාවට වාසනාවේ සිහින සැබෑ කිරීමට පුරෝගාමී වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ජාතික මෙහෙවර ඉටුකරමින් සිය 41 වන අභිමානවත් සංවත්සරය ආගමික කටයුතු වලට මුල් තැන දෙමින් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි අතිපූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආශිර්වාද පූජෝත්සවයක් පැවැත්වෙන ලදි.
මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමා,සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මැතිතුමා ඇතුළු කළමණාකාරීත්වයේ හා කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් පිරිසක් ද සහභාගී විය.
උතුරු පළාතේ යාපනය,කිලිනොච්චිය, මුලතිව්,මන්නාරම, වව්නියා දිස්ත්‍රික්කයන්හි "සංවර්ධන අභිමන් 2022” අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 17 වන දින යාපනය ටිල්කෝ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරකසභා සභාපති , පාර්ලිමේන්තු...
“සංවර්ධන අභිමන් 2022” මොණරාගල දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 12 වන දින මොණරාගල සිතුමිණ සිටි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව ගරු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මැතිතුමා, ගරු අධ්‍යාපන රාජ්‍ය අ...
සංවර්ධන අභිමන් 2022” නුවරඑළිය දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 13 වන දින නුවරඑළිය අරලිය ග්‍රීන් සිටි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍ය ගරු සී.බී. රත්නායක මැතිතුමා,නගරාධිපතිවරුන්,ප්‍රාදේශීය සභා සභාපතිවරුන්...