සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය 41 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි.

26-February-2024

පුරා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලාංකීය ජනතාවට වාසනාවේ සිහින සැබෑ කිරීමට පුරෝගාමී වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ජාතික මෙහෙවර ඉටුකරමින් සිය 41 වන අභිමානවත් සංවත්සරය ආගමික කටයුතු වලට මුල් තැන දෙමින් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි අතිපූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආශිර්වාද පූජෝත්සවයක් පැවැත්වෙන ලදි.

මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමා,සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මැතිතුමා ඇතුළු කළමණාකාරීත්වයේ හා කාර්‍ය මණ්ඩලය නියෝජනය කරමින් පිරිසක් ද සහභාගී විය.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

විශේෂාංග පුවත්