සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ජීවිතයම එළිය කරගත් තවත් වාසනාවන්තයින් 72 සදහා චෙක්පත් පිරිනැමේ !

22-August-2024

දිනෙන් දිනම  ජයග්‍රාහකයින්  රැසක් බිහි කරමින් ඉදිරියට යන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ලොතරැයි හරහා බිහිවූ තවත් සුපිරි ජයග්‍රාහකයින්, විසි ලක්ෂපතියන් සහ දස ලක්ෂපතියන් ඇතුලු ජයග්‍රාහකයින් 72 ක් සදහා චෙක්පත් පිරිනැමීම  2024. 08.21 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.

මෙහිදී සංවර්ධන ලොතරැයි පත් අතරින්, අදකෝටිපති සුපිරි ජයමල්ල වන 127,062,624/-, සුපර් බෝල් ලොතරැයියේ සුපිරි ජයමල්ල රු.102,540,384/-, කප්රුක ලොතරැයියේ සුපිරි ජයමල්ල වන රු.10,000,000/- සහ ලග්න වාසනා ලොතරැයියේ සුපිරි ජයමලු වන රු.8,896,533/-ක  සුපිරි ජයමල්ල , රු.6,613,257/-ක  සුපිරි ජයමල්ල , රු.5,341,053/- ක සුපිරි ජයමල්ල සමගින් තවත් සුපිරි ධන සම්පත රු.2,500,000/- ජයග්‍රාහකයන් හය දෙනෙක් සඳහා ද චෙක්පත් ප්‍රදානය කරන ලදි. එමෙන්ම විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 30 දෙනෙක්ටත්,දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 30 දෙනෙක්ටත් මෙහිදී චෙක්පත් පිරිනැමූ අතර  එම සියලු ජයග්‍රාහකයින් අතර බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු.365,453,851/- කි.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩගේ මහතා ඇතුලු නිලධාරීන් සහභාගී විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්