සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි පිළිසදර කුරුණෑගලට

06-September-2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි ජාලය සමගින් එක්ව ඉදිරියට යන අලෙවි සහායක මහත්ම මහත්මීන්ගේ අදහස් හා යෝජනා වෙනුවෙන් ඉඩ ලබාදෙන “අලෙවි පිළිසඳර” වැඩසටහනේ තවත් වැඩසටහනක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් 2024.08.24 හා 2024.08.25 වන යන දිනයන්හි ස්ථාන තුනකදී පවත්වන ලදී.

මෙම වැඩසටහන හරහා අලෙවි සහායක මහත්ම මහත්මීන්ට නව ව්‍යවසායකත්ව අදහස් හා යෝජනා ලබාදීමත්, ලොතරැයි අලෙවිය හා සම්බන්ධව පවතින ඔවුන්ගේ ගැටලු හා යෝජනා වලට අවස්ථාව ලබාදීමත් සිදුවිය.

2024.08.24 වන දින අලෙවි පිළිසඳර වැඩසටහන වාරියපොල නගර ශාලා පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් කළ අතර ඒ සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩගේ මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික් කලාප කලමනාකරු රංග රණතුංග මහතා ඇතුළු නිලධාරීන් සහභාගී විය.

එසේම 2024.08.25 වන දින කුරුණෑගල හා කුලියාපිටිය නගර ශාලා පරිශ්‍රයන්හි තවත් වැඩසටහන් දෙකක් පවත්වා අවසන් කළ අතර එම වැඩසටහන් සදහා සහකාර සාමාන්‍යාධිකාරී (ප්‍රසම්පාදන) පී.ඩි.යූ. මලින්ද මහතා, අභ්‍යන්තර විගණක වසන්ත සේනාධීර මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික් කලාප කලමනාකරු රංග රණතුංග මහතා ඇතුළු නිලධාරීන් සහභාගී විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්