සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ජීවිතයම එළිය කරගත් තවත් වාසනාවන්තයින් 31 සදහා චෙක්පත් පිරිනැමේ !

04-October-2024

දිනෙන් දිනම  ජයග්‍රාහකයින්  රැසක් බිහි කරමින් ඉදිරියට යන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ලොතරැයි හරහා බිහිවූ සුපිරි ජයමලු ඇතුළුව, විසි ලක්ෂපතියන් සහ දස ලක්ෂපතියන් සඳහා චෙක්පත් ප්‍රදානය සහ ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා ද චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කිරීම 2024.10.02 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී සිදු කරන ලදී.

මෙහිදී සංවර්ධන ලොතරැයිපත් අතරින්,ශනිදා සුපිරි ජයමල්ල වන රු.51,005,682.40, ලග්න වාසනාව සුපිරි ජයමල්ල වන රු.7,284,571.60 සහ ලග්න වාසනාව සුපිරි ජයමල්ල වන රු.3,000,000 සමගින් තවත් සුපිරි ධන සම්පත රු.2,500,000/- ජයග්‍රාහකයකු සඳහා ද චෙක්පත් ප්‍රදානය කරන ලදි. එමෙන්ම විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 13 දෙනෙක්ටත්,දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 14 දෙනෙක්ටත් මෙහිදී චෙක්පත් පිරිනැමූ අතර  එම සියලු ජයග්‍රාහකයින් අතර බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු.103,790,254/-කි.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්